හොරොව්පතාන පොලිස් වසමේ කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍ය මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රසිද්ධ කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙක් පොලීසිය විසින් ඊයේ (23) රාති‍්‍රයේ අත්අඩංගුවට ගනු ලැබුවා.මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් තරුණයෙකු කොළඹ සිට හොරොව්පතාන පොලිසිය වෙත පැමිණ භාර වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සියලු සැකකරුවන්ගෙන් කටඋත්තර සඳහන් කරගෙන ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ හිතාමතා මෙම ක්‍රියාව සිදු නොකළ බවත් විනෝදය සඳහා සිදු කළ මෙම ක්‍රියාවේ බරපතල කම පිළිබඳව දැන සිටියේ නොමැති බවත්ය.
ජනවාරි පළමු සතියේ සිය කණ්ඩායම විනෝද චාරිකාවක් සඳහා පිටව ගිය අතර එහිදී මිතුරන්ගේ නිවෙස්වල නවාතැන් ගනිමින් විවිධ ස්ථාන නැරඹීමට ගිය බවත් මෙම ස්ථානයට පැමිණියේ ඒ අනුව බවත් සඳහන් කර තිබෙනවා.මෙලෙස මිතුරෙකුගේ ඡංගම දුරකතනයෙන් ලබාගත් ප්‍රශ්නගත ඡායාරූප පෙළ සමාජජාල වෙත එක් කිරීමට අදහසක් නොතිබූ බවත් වෙනත් කෙනෙකු විසින් මෙම ඡායාරූප සිය කණ්ඩායම අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සමාජජාල වෙත එක් කර ඇති බවත් මෙම පිරිස පොලිසියට සඳහන් කර ඇති බවයි අනාවරණය වෙන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගැණුනේ ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.