News Line| Off Air
Generic placeholder image

Jan
24

ආරක්ෂක ලේකම් ධුරයේ වෙනසක්?

820 Views


ආරක්ෂක ලේකම් ධුරයේ වෙනසක්?

ආරක්‍ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඟිපළකළ බවජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

යුදහමුදාව වැරදිකර ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දෙමළ ඩයස්පෝරාවට කළ ආරාධනය පිළිබඳ තමන් ජනාධිපතිවරයාට දුරකථනය මගින් දැනුම් දුන් බවත්,එම අවස්ථාවේදී ආරක්ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුකිරීමේ සූදානමක් ඇතැයි පැහැදිලි වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.ආරක්ෂක ලේකම්වරයා සිදුකළ ප්‍රකාශය හෙළා දකින බවත්,එවැනි පුද්ගලයෙකු ආරක්ෂක ලේකම් තනතුරට සුදුසු නොමැති බවත් ඒමහතා ප්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post