News Line| Off Air
Generic placeholder image

Jan
24

සේනා මදිවට තවත් කෙනෙක් මනම්පිටියෙන්

595 Views


සේනා මදිවට තවත් කෙනෙක් මනම්පිටියෙන්

‘සේනා’ දළඹුවා මෙන් බඩඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් දළඹු වර්ගයක් දිඹුලාගල, මනම්පිටිය, වෙල්යාය ප්‍රදේශයේ ගොයමක සිටියදී ඊයේ (23දා) ගොවි මහතෙකුට හමුවී තිබෙනවා.මනම්පිටිය, දළුකාන ප්‍රදේශයේ පදිංචි එස්. ප්‍රේමදාස මහතාට ඔහුගේ කුඹුරේ ගොයම් කොළවල සිටියදී අදාළ දළඹුවා හමුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර, එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බවත්, අනිකුත් වී වගාවන්ට මෙන් භෝග වගාවටද වැලඳීමට පෙර මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසඅදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එස්. ප්‍රේමදාස මහතා පැවසීය.මේ සමබන්ධයෙන් අප කළ විමසීමකදී දිඹුලාගල මහවැලි කොට්ඨාස කළමනාකාර තුසිත හේරත් මහතා පවසා සිටියේ,

“සේනා දළඹුවා පිළිබඳ මනම්පිටිය ප්‍රදේශවලින් වාර්තා වුණා. නමුත් ගොයමට හානි කරන ඔය කියන දළඹුවා පිළිබඳ අපි දන්නේ නැහැ. අපි ඒ පිළිබඳ කෘෂිකර්ම උපදේශක දැනුවත් කරලා වහාම පරීක්ෂණයක් කරනවා. ගොයමට හානි කරනවා නම් ඒක ලොකු අවදානමක්”

 


News Articles
Latest Videos
Most Popular Post