News Line| Off Air
Generic placeholder image

Jan
24

බුදු පිළිම ඉවත් නොකළොත් නඩු දානවා – දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙක් කියයි

1539 Views


බුදු පිළිම ඉවත් නොකළොත් නඩු දානවා – දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙක් කියයි

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානය හා එහි ඉදිකර ඇති බුදුපිළිමය ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර ටී. රවිහරන් ප‍්‍රකාශ කර තිබෙනවා.එම විහාරස්ථානය පෞරාණික විහාරස්ථානයක් නොවන නිසා එය ඉවත් කළ යුතු බවයි ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ.

එම විහාරස්ථානය හා අලූතින් ස්ථාපිත කරන ලද බුදුපිළිමය ඉවත් නොකරන්නේ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවලට සහ විහාරස්ථානයේ අයිතිකරුවන් යැයි කියන පිරිසට එරෙහිව නඩු පවරන බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.සිය බැතිමතුන්ට කෝවිලට යෑමට තිබූ පාර අවහිර කරමින් බුදුපිළිමයක් ස්ථාපිත කිරීම නිසා එම ප‍්‍රදේශයේ ජනතාව අතර නොමැති ප‍්‍රශ්නයක් ඇති වී තිබෙන බවද හිටපු මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා ඉකුත්දා ජනතාව වෙත යළි භාරදුන් ඉඩම්වලද බුදුපිළිම හා බෝධි ඇති බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ. යුද හමුදාව එම ස්ථානවලින් පිටව යන විට ඒවා ඉවත් කිරීමට පියවර ගෙන නැත්තේ අහිංසක දෙමළ ජනතාව පිට වරදක් පැටවීමේ චේතනාවෙන් බවද ටී. රවිහරන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post