News Line| Off Air
Generic placeholder image

Jan
25

නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එජාපය සාකච්ඡා අරඹයි

804 Views


නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එජාපය සාකච්ඡා අරඹයි

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු සමග ඒ පිළිබද සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා. එම දෙපාර්ශවය අතර ඉකුත්දා සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා තිබෙනවා. ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඔවුන් සිව් දෙනා එක්සත් ජාතික පක්ෂයට සහය දීමට ද එකගතාව පළ කර ඇති බව දේශපාලන ආරංචි පවසනවා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්ගෙන්ද විමසීමක් කළා. ඔවුන් කියා සිටියේ නිල වශයෙන් සහ නිල නොවන වශයෙන්ද ජාතික ආණ්ඩුවක් සදහා සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.

මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින් සමග ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post