News Line| Off Air
Generic placeholder image

Jan
25

දළඹු උවඳුර කෙසෙල් වගාවටත්

638 Views


දළඹු උවඳුර කෙසෙල් වගාවටත්

සේනා දළඹුවාට සමානව වගාවන්ට හානිකරන දළඹු විශේෂයන් පිළිබඳව පසුගිය දින කිපය තුළ දි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.

මේ අතර කෙසෙල් වගාවට හානිකරන විශේෂ දළඹු විශේෂයක් පිළිබඳව අනුරාධපුර නොච්චියාගම ප්‍රරෙද්ශයෙන් වාර්තා වුණි.

අනුරාධපුර නොච්චියාගම කරඳෑව ප්‍රදේශයේ කෙසේල් වගාවකින් මෙම දළඹු විශේෂය හමුව ඇත්තේ මීට දින දෙකකට පමණ පෙරයි.

ගොවීන් පවසන්නේ සේනා දළඹුවාගේ ස්භාවය නොගන්නා මෙම දළඹුවා කෙසෙල් ගසේ පත්‍රය ආහාරයට ගන්නා බවයි.

මේ අතර රත්නපුර ඇහැළියගොඩ ප්‍රෙද්ශයෙන් සේනා දළඹුවන් හමුවී තිබෙනවා.

ඇහැලියගො වියළගොඩ ප්‍රෙද්ශයේ කීර කොටුවක ව්‍යාප්තව සිටියදී මෙම දළඹුවන් හමුවුණි.

මේ අතර සේනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගොවීන් දැනුවත් කිරීම මේ දිනවල සිදුකරයි. දළඹුවන් පැතිරගොස් සිටින වගාබිම් වලින්අනෙකුත් ප්‍රදේශවගට පැතිරයාම වැළැක්වීම සඳහා දැනට කළ හැකි එකම ප්‍රතිකර්මය වන්නේ බෝග විනාශ කිරීම පමණයි.


News Articles
Latest Videos
Most Popular Post