News Line| Off Air
Generic placeholder image

Jan
25

සිංගප්පූරු ගිවිසුම සකස් කිරීමේදී ලංකාවෙන් වැරදි වෙලා – ජනපති

610 Views


සිංගප්පූරු ගිවිසුම සකස් කිරීමේදී ලංකාවෙන් වැරදි වෙලා – ජනපති

ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම සකස් කිරිමේදී ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූන් මහතා අතර අද (25දා) පැවැති දිවිපාර්ශ්වීය සාකච්ඡවලදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳන් කර තිබෙනවා.

එම ගැටලු නිවැරදි කර ගැනීමට අවශ්‍ය සංශෝධන කිහිපයක් සිදුකිරිමට කටයුතු කරන බවත් ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කිරිමේ වැදගත්කමක් ජනපතිවරය මෙම හමුවේදී පෙන්වා දී තිබෙනවා

එසේම දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයන්ගේ විශේෂ සාකච්ඡාවට ලක් විය.

මත් උවදුර මැඬලීම සඳහා ජනපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post