අන්තර්ජාල පණිවුඩ හුවමාරු ක්‍රම අතර ජනප්‍රිය වයිබර් හා වට්සැප් තාක්ෂණයට සවන්දිය හැකි උපකරණ ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.
එහිදී වට්සැප් හා වයිබර් පණිවිඩ පණිවුඩ හුවමාරු ක්‍රමයේ සන්නිවේදනය කඩාකප්පල් කිරීමේ උපකරණ මිලදී ගැනීමට නීතිය හා සාමය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ද වාර්තා වෙනවා.
මෙම උපකරණ ජෑමර් නමින් හදුන්වන අතර පහුගිය යහපාලන ආණ්ඩු සමයේ දී මෙම අදාළ උපකරණ මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා.
යහපාලන ආණ්ඩුව අවසන් වීමෙන් පසුවත් මෙම උපකරණ මිලදී ගැනීමේ සූදානමක් පවතින බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග පවසා සිටියේ.