News Line| Off Air
Generic placeholder image

Jan
26

දින 35 ක් අක‍්‍රීයව තිබුණු ඇමෙරිකානු රජයේ කටයුතු තාවකාලිකව සක‍්‍රීය කරයි

625 Views


දින 35 ක් අක‍්‍රීයව තිබුණු ඇමෙරිකානු රජයේ කටයුතු තාවකාලිකව සක‍්‍රීය කරයි

ඇමෙරිකානු රජයේ කටයුතු තාවකාලිකව සක‍්‍රීය කිරිමට එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එකග වී තිබෙනවා

රජයේ වියදම් කොංග‍්‍රස් මණ්ඩලය විසින් අනුමත නොකිරිම හේතුවෙන් ඇමරිකානු රජයේ කටයුතු දින 35 ක් අක‍්‍රීය වුණා
කෙෙසේ වෙතත් ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර ඉදි කෙරෙන තාප්පයට අරමුදල් වෙන් කිරීම සදහා ට‍්‍රම්ප් ඉදිරිපත් කල යෝජනාවට මෙතෙක් අනුමැතිය ලැබී නැහැ

ඇමරිකාව තුළ මෙවැනි ආර්බුදකාරී තත්වයක් මතු වුනේ ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර ඉදි කෙරෙන තාප්පයට අරමුදල් වෙන් නොකිරීමට ඩිමොක‍්‍රටික් පක්ෂය තීරණය කිරීම හේතුවෙන්

එම තාප්පයට ඩොලර් බිලියන 5ක් වෙන් කරන්නැයි ජනාධිපති ට‍්‍රම්ප් ඉල්ලූවද බහුතර බලය හිමි ඩිමොක‍්‍රටික් පක්ෂය එය ප‍්‍රතික්ෂේප කලා
අදාළ මුදල් පනත් සම්මත නොවීමෙන් වැටුප් ගෙවීම ඇතුළු කටයුතු රැුසක් අකර්මන්‍ය වු අතර රාජ්‍ය සේවකයන් අට ලක්ෂයකට පමණ ඉන් බලපෑම් එල්ල වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ

ඉතිහාසයේ එරට කටයුතු අඩපණ වූ දීර්ඝතම කාල වකවානුව මෙයයි
මිට පෙර 1995 – 96 අතර කාලයේ බිල් ක්ලින්ටන් ජනාධිපතධූරය දැරූ සමයේ දී දින 21 ක් රජයේ කටයුතු අකර්මන්‍ය වී තිබුණා
පසුගිය නොවැම්බර් මාසයේ පැවැති මැතිවරණයෙන් ඇමෙරිකාවේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක බලය දිනා ගත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂය යි
ඒ හේතුවෙන් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරයකු වන ඩොනල්ඕ ට‍්‍රම්ප්ගේ බොහෝ යෝජනා සම්මත නොවනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ


News Articles
Latest Videos
Most Popular Post