News Line| Off Air
Generic placeholder image

Jan
28

ඒ විදිහට වෙනවට වඩා හොඳයි මම මැරෙන එක – පියුමි හංසමාලි සංවේදී වී කියූ කතාව

1734 Views


ඒ විදිහට වෙනවට වඩා හොඳයි මම මැරෙන එක – පියුමි හංසමාලි සංවේදී වී කියූ කතාව

අලුතෙන් එන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළහම, ෆොටෝෂූට් එකක් කළහම, වුවමනාවෙන්ම ෆොටෝස් ටිකක් ලීක්කරගත්තහම තමන් මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඒ අයට පැවැත්මක් නෑ. කවදාවත් ක්ෂේත්‍රයේ පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. ෆොටෝෂූට් එකක් කරපු පළියට කෙනෙක්ටමොඩ්ල් කෙනෙක් කියන්න බෑ.මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ රොසෑන් ඩයස්ගේ ඇකඩමි එක හරහා. අපිටමොඩ්ල් කරන්න, ඇවිදින්න රොසෑන් ඉගැන්නුවේ කකුල් වලට ගහ ගහා. එහෙම තමයි අපි මෝස්තර නිරූපණය කියන ආට් එක ඉගෙනගත්තේ. හැබැයි දැන් එන ෆොටෝෂූට් එකක් කරලා, ෆොටෝස් ටික ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් දාලා මොඩ්ල්ස්ලා වෙන අය මොඩ්ලින්ග් හරි විදියට ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නෑ. අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ.

හැබැයි ගොඩක් දෙනෙක් මාවත් විවේචනය කරනවා. ගොඩක් වෙලාවට මට නැගෙන විවේචනයක් තමයි මම ඇඳුම් පැළඳුම් කරන්නේ ඔක්කොම එළියේ දාගෙන කියලා.පියුමි හංසමාලි එදා ඉඳලම ඇඳුම් පැළඳුම් කළේ එයාගේ විදියට. තැනට සුදුසු විදියට එයා අඳිනවා. ඒක කෙනෙක් ‘ඔක්කොම එළියේ දාගෙන අඳිනවා’ කියලා හිතන්න පුලුවන්.හැබැයි පියුමි හංසමාලි මොඩ්ල් කෙනෙක් වෙන්නේ ‘ඔක්කොම එළියේ දාගෙන’ ඇඳුම් පැළඳුම් කරන නිසා නෙවෙයි. එහෙම මොඩ්ල් කෙනෙක් වෙන්න බෑ. පියුමි හංසමාලි මොඩ්ල්ස්කූල් එකකට ගිහිල්ලා, ක්‍රමානුකූලවඉගෙනගෙන තමයි ෆීල්ඩ් එකට එන්නේ. ඊට පස්සේ පියුමි හංසමාලි ටෙලිඩ්‍රාමාස් කරලා තියෙනවා, අවුරුදු දෙකක් ලයිව් වැඩසටහන් වල නිවේදන කටයුතු කරලා තියෙනවා. චිත්‍රපටි කරලා තියෙනවා. විදෙස් චිත්‍රපටි වලට දායක වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ කියලයි. ඇත්තටම මට මූණට නම් කිසිම කෙනෙක් මේ වෙනකල් දෙයක් කියලා නෑ. ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය වල තමයි ඔය විවේචනයන් තියෙන්නේ.

දැන් ගොඩක් අය කියනවා දරුවන්ට එයාලා ආස දේවල් කරන්න, එයාලා කැමති දේවල් ‍තෝරගන්න ඉඩ දෙන්න කියලා. හැබැයි මගෙන් නම් ඒක බලාපොරොත්තු වෙන්න ලැබෙන්නේ නෑ. මගේ පුතා හැදෙන්න ඕන මට ඕන විදියට. එයාට ස්වාධීනව තීරණ ගන්න පුලුවන් තරමට ජීවිතේමුහුකුරායනකල් එයා නිර්මාණය වෙන්න ඕන මට ඕන විදියට.දරුවට ඕනෑ දේවල් කරන්න දෙන්න බෑ. මම මෙච්චර අමාරුවෙන්, තනියෙන් එයාව හදලා තියෙන්නේ අනාගතේ එයා වැරදි තීරණයක් ගත්තොත් ඒ වැරදි තීරණයෙන් එයාගේ ජීවිතේ නාස්ති වෙනවා දකින්න නෙවෙයි. ඒ මගේ පුතා. අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි. මගේ දරුවාට හොඳ දේ මොකක්ද කියලා දන්නේ මම, එයාගේ අම්මා.

මම ලෝකේ දකිනවා. මොඩ්ලින්ග්ෆීල්ඩ් එකේ, ඇක්ටින්ග්ෆීල්ඩ් එකේ දේවල් වෙන විදිය මම දකිනවා. ඒ අනුවයි මම මගේ දරුවා ගැන හිතන්නේ. මගේ පුතා හොඳ රස්සාවක් කරලා, විවාහයක් කරගෙන, එයා විවාහ වෙන කෙනාට විශ්වාසවන්තව ජීවත් වෙන්න ඕන. එයා ගෑණියෙක්ගේ හිතක් නොරිද්දන්න, වේදනාවක් නොදෙන්නදැනගන්න ඕන.මම එහෙමයි එයාව හදන්නේ.මේ වෙනකොටත් එයාගේ ජීවිතේ සාර්ථක කරන්න මම අඩිතාලම දාලා තියෙනවා.එයාට මම වෙනම මුදලක් සුරක්ෂිත කරලා තියනවා. මගේ දරුවාට කවදාවත් දුකක් විඳින්න මම ඉඩ තියන්නේ නෑ. තව කෙනෙක්ට දුකක් නොදෙන්න ජීවත් වෙන්න මම එයාට උගන්නනවා.කේරල චිත්‍රපටයකට රංගනයෙන් දායක වුනා. දැන් ඒකේ ෂූටින් වලින් බාගයක් ඉවරයි.

ජැක්සන් ඇන්තනි මහත්මයාත් එක්ක තමයි මම ඒකේ රඟපාන්නේ. බොහොම ලස්සන ලව් ස්ටෝරි එකක් යන්නේ. අර කේරල චිත්‍රපටිවල තියෙන සුන්දරත්වය ඒ විදියටම මේ චිත්‍රපටයේ තියෙනවා.මිනිස්සු ගොඩක් වෙලාවට ෆැෂන් කරන්න කැමති කෙල්ලෙක්ට, මොඩ්ල්කෙනෙක්ට, ඇක්ට්‍රස්කෙනෙක්ට කියන්නේ ‘බඩුවක්’ කියලා.ඒක හරි පවු කතාවක්. කොහොමද මිනිස්සු එහෙම කියන්නේ, ඒ කෙනා ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව?

කොයි විදියට ෆැෂන් කළත් ඒ කෙනා හරිම හොඳ කෙනෙක් වෙන්න පුලුවන්.මම ආස නෑ ජිම් ගිහින් ඇඟ හදාගෙන ඉන්න කොල්ලන්ට. මොඩ්ල්කෙනෙක්ට සික්ස් පැක්ස් එහෙම තිබුණට කමක් නෑ. සාමාන්‍යයෙන් පිරිමියෙක් වුනහම තමන්ගේ ශරීරය පවත්වා ගන්න ඕන තමයි, හැබැයි පිරිමියෙක්ගේ පිරිමි කම එන්න පොඩ්ඩක් බඩ තියෙන්නත් ඕන.හොඳ පිරිමි පර්සනැලිටි එකක් තියෙන්න ඕන.
අර අපි කියන්නේ යකා පෙනුම කියලා, අන්න ඒක තියෙන්න ඕන. මම කැමතිඅර ජිම් ගිහින් කෘත්‍රිමව හදපු ශරීරයකට වඩා සොබාවික ශරීරයකට.

මම මගේ තාත්තාමයි. මගේ පුතා මමමයි. මම එයාව හදන්නේ බොරු ෂෝ ඕෆ් දාන්නේ නැතුව, පොළවේ පය ගහලා ජීවත් වෙන්න දන්න විදියට. මම මගේ පුතාට කියල දෙන්නේ පිනක් දහමක් කරගෙන, තව මනුස්සයෙක්ටඋදවුවක් කරගෙන ජීවත් වෙන කියලයි. මනුස්සයෙක් බඩගින්නේ ඉන්නවා දැක්කොත් එයාට පුලුවන් විදියට කන්න කටක් හරි දෙන්න කියලයි. මම හරියට දුක් විඳලා තියෙනවා මෙතනට එන්න. මම බඩගින්න කියන්නේ මොකක්ද කියලා හොඳට දන්නවා.කන්න නැතුව, සල්ලි නැතුව ඉන්න කොට දැනෙන වේදනාව මොකද්ද කියන එක මම අත්දැකලා තියෙනවා


News Articles
Latest Videos
Most Popular Post