News Line| Off Air
Generic placeholder image

Jan
28

අපිට නම් ජාතික ආණ්ඩු තිත්තයි – මරික්කාර්

424 Views


අපිට නම් ජාතික ආණ්ඩු තිත්තයි – මරික්කාර්

ජාතික ආණ්ඩු කතිකාවතක් නැවත ඇතිවී තිබෙන බවත් , නමුත් එය එක්සත් ජාතික පාක්ෂිකයින්ට නම් තිත්ත හා නීරස බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවා.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළකරන ලද්දේ,තම විමධ්‍යගත ප‍්‍රතිපාදන යටතේ කොළොන්නාව සාමවිනිසුරු සුභසාධක සංගමයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද නව රැස්විම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කැඩුවා කියලා අධිකරණයෙන් ඔප්පුවෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරණයක් තමයි ඉස්සෙල්ලා එන්න ඕනේ. අනික විපක්ෂයට ඕන විදිහට මැතිවරණ තියන්න බෑ. ප‍්‍රශ්නයක් තියෙනවා නම් ඒ අයට අධිකරණය ඉදිරියට ගිහින් සාධාරණය ඉෂ්ට කරගන්න පුළුවන් අපි වගේ. හැබැයි ඒ ගොල්ලෝ කරපු දේවල්වලට අපි අධිකරණයට යන්න ගියොත් අධිකරණය දහස්වතාකට වඩා යන්න පුළුවන්. කඩපු ව්‍යවස්ථාව නිවැරදි කරන්න අධිකරණ දුන් තීන්දුව අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් නෑ.

නමුත් පහුගිය ජනවාරි 08 න් පසුව ජනාධිපතිවරණය ඕනෑම මොහොතක තියන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නෙත් ජනාධිපතිවරණයක් තමයි. අලූතෙන් ජනාධිපතිවරයෙක් පත්කර ගත්තාම ඔහුට ගැලපෙන පාර්ලිමේන්තුවක් ,පළාත් සභාවක් හදා ගන්න පුළුවන්. පොහොට්ටුව කියන්න කවුද ජනාධිපතිවරණ අපේක්ෂකයා කියලා ප‍්‍රකාශයට පත් කරන්න. අපේක්ෂක අර්බුද තියෙන්නේ අපේ ගාව නෙමෙයි ඒ අය ළගයි. අපිට කියන්න බැසිල් ද, ගෝඨා ද, චමල් ද, දිනේෂ් ද, වෙල්ගම ද ආදි වශයෙන් කවුද අපේක්ෂකයා කියලා. අපි නියම වේලාවට අපේක්ෂකයා දාන්නම්. හැබැයි ඒ ගොල්ලන්ගේ මොන අපේක්ෂකයා ආවාත් අපි දිනනවා.


News Articles
Latest Videos
Most Popular Post