News Line| Off Air
Generic placeholder image

Jan
28

හැරිසන් දේශීය ගොවියා රකින හැටි

583 Views


හැරිසන් දේශීය ගොවියා රකින හැටි

දේශීය ගම්මිරිස් ගොවියා සුරැකීම උදෙසා ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම නැවැත් වු බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවීන් සඳහා ණය ලබා දීමේ දඹුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්.

ගම්මිරිස් ආනයනය නැවැත් වුයේ මෙරට ගම්මිරිස් වගාවේ නිරත වී සිටින ගොවීන්ට සහනයක් ලබා දීම සඳහා බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

උඳු නිෂ්පාදනය කරන ගොවීන්ට සහනයක් ලෙස ආනයනික උඳු කිලෝවක් සඳහා රුපියල් 200ක බද්දක් පැනවීම මඟින් උඳු ගොවියා ආරක්ෂා කිරීමට ද කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිරියේ දී එළවළු ප්‍රවාහනය සඳහා ලොරි රථ, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය සහනාධාර මත ලබා දීමට අවශ්‍ය වැඩකටයුතු සිදු කර දෙන මෙන් හා පොහොර සහනාධාර මඟින් ලබා දෙන පොහොර ලබා දෙන ලෙස එම අවස්ථාවට එක්ව සිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීමක් ද සිදු කළා.


News Articles
Latest Videos
Most Popular Post