News Line| Off Air
Generic placeholder image

Jan
28

උසස් පෙළ ගුරුන්ට සහ සිසුන්ට මේ වසරේ සිට ටැබ්

619 Views


උසස් පෙළ ගුරුන්ට සහ සිසුන්ට මේ වසරේ සිට ටැබ්

උසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එසේම මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ පැවති “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පංති කාමර සහිත තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ටැබ් පරිගණක භාවිතා කරමින් විභාගයට සාර්ථකව පිළිතුරු සැපයීමට අවශ්‍ය පාඩම් මාලා සහ විෂය කරුණු සම්බන්ධව විධිමත් උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු සුදානම් කරන ලෙස විභාග කොමසාරිස්වරයා තමන් උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා පැවසුවා.

එසේම උසස් පෙළ සඳහා පෙළ පොත් ලබාදීමක් ආරම්භයේ සිට සිදු නොවූ නමුත් උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමෙන් පසුව පෙළ පොතක් සකසා ටැබ් පරිගණකයට ඇතුළත් කරන ලෙස ද විභාග කොමසාරිස්වරයා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post