News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

පොලිස් නිලධාරීන්ගේ දුක කියන්න විශේෂ ඒකකයක්

638 Views


පොලිස් නිලධාරීන්ගේ දුක කියන්න විශේෂ ඒකකයක්

අසාධාරණ ස්ථානමාරුවීම් සහ පොලිස් නිලධාරීන් යම් අභියෝගයකට ලක්වූ විට ඒ පිළිබඳව වාර්තා කිරීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීම වෙනුවෙන් අද (28දා) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ජනපති ප‍්‍රශංසා ඇගැයීම් උලෙළ අමතමිනි.

එසේම මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරියක් පිහිටුවීම පිළිබඳව නව අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෙට දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසූ ජනාධිපතිවරයා විවිධ ක්ෂේත‍්‍රවල විශේෂඥයන්ගෙන් සමන්විතව ඉදිරි සති කිහිපය තුළ එම අධිකාරිය ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post