ඔහු උපත ලැබුවේ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නගරයේය. ජීවිතය ගත කළේ, අධ්‍යාපනය ලැබුවේ, නෝර්වේ රාජ්‍යයේය.
එහෙත්, නිරූපණ ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තර අවධානයක් දිනා සිටින ඔහු ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් පවසන්නේ, තමන් ශ්‍රී ලාංකිකයෙකු බවය.
ජීනු මහදේවන් නමැති 20 හැවිරිදි තරුණයා මේ වන විට ලන්ඩන්, පැරිස්, මිලාන්, නිව් යෝර්ක් ආදී ප්‍රධාන නගර රැසක නිරූපණ ශිල්පියෙකු ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටී. බිබීසී ෆැෂන් වීක් (Fashion Week) තුළින් ඔහු ලෝකයට ම හඳුන්වා දුන්නේ ද, එහෙයිනි.
මිට දෙවසරකට ඉහතදී එනම් 2017 වසරේදී පැරීසියේ ජාත්‍යන්තර නිරූපණ ශිල්පියෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ ජීනුගේ වයස අවුරුදු 20කි. එනමුත්, ඔහු පසුගිය වසර දෙකක කාලය තුළ අතිශය ජාත්‍යන්තර අවධානයට ලක්විය.
ඔහු Versace, Givenchy Alexander McQueen සහ Burberry ඇතුළු නිරූපණ ආයතන රැසක් සඳහා වෘත්තියමය නිරූපණ ශිල්පියෙකු ලෙස දායක වී තිබේ.