News Line| Off Air
Generic placeholder image

Jan
29

‘කුඩු සිද්ධික්’ ට ඇප

775 Views


‘කුඩු සිද්ධික්’ ට ඇප

හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි 52කට අධික මුදලක් උපයා ගැනීම වෙනුවෙන් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ ගැණෙන චෝදනා යටතේ රිමාන්ඩ් බාරයේ පසුවුනු මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඇප ලබා දී තිබෙනවා.

එහිදී රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබුනේ. ඒ අනවු සෑම මසකම පළමු ඉරිදා සහ තෙවන ඉරිදා සැකකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුට විදෙස් ගතවීම වැළැක්වීම සඳහා වන නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර සිද්ධික් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුම්පතේ වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙන් වු සිද්ධියක සැකකරුවකු බව පවසා සිටියා.

ඒ අනුව දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කර තිබුණා


News Articles
Latest Videos
Most Popular Post