News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
29

ලංකාවට අද සහ හෙට සුළං වේගය වැඩි වෙයි

924 Views


ලංකාවට අද සහ හෙට සුළං වේගය වැඩි වෙයි

අද රාති‍්‍රයේ සහ හෙට දිවයින හරහා සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝ මීටර 40 දක්වා ඉහළ යා හැකි බවයි
නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල මද වැසි ඇති විය හැකි වනවා

දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ද අද රාති‍්‍රයේ සහ හෙට වේගය පැයට කිලෝ මීටර 50 දක්වා ඉහළ යා හැකියි
කන්කසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඇතැම් අවස්ථාවල පැයට කිලෝ මීටර 55 ඉක්මවිය හැකි වනවා

ධීවර හා නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව දැනුම් දෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post