News Line| Off Air
Generic placeholder image

Jan
29

T20 ලෝක කුසලානයේ පළමු තරගය ලංකාවට

1354 Views


T20 ලෝක කුසලානයේ පළමු තරගය ලංකාවට

2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදි ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතව තිබෙනවා

එම තරගාවලියේ තරග කාලසටහන අද (29දා) ඔස්ට්‍රේලියාවේදී එළිදක්වනු ලැබුණා.

තරගාවලියේ ප්‍රධාන වටයේ තරග ආරම්භ කිරිමට මත්තෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වෙන අතර එහිදි ශ්‍රී ලංකාව මුලින්ම තරග කිරීමට නියමිතව තිබෙනවා.

විස්සයි20 ලෝක ශූරතාව එක් වරක් දිනාගත් කණ්ඩායමද වන ශ්‍රී ලංකාවට මෙවර සුපිරි 12 දෙනාගේ වටයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට නොහැකිවූ අතර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කර ප්‍රධාන තරගාවලියට පැමිණිය යුතු වෙනවා.

එහිදී ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුවහොත් තරගාවලියෙන් ඉවත්වීමට වෙනවා..

පළමු වටයේ තරග ඔක්තෝබර් 18 දා ශ්‍රී ලංකාවට හා A3 සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙයි. මෙම තරග ජීලෝංග් පිටියේදී පැවැත්වෙනවා.

ඉන් අනතුරුව ඔක්තෝබර් 20 දා ඔක්තෝබර් 22 දා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තවත් තරග දෙකක් පැවැත්විමට නියමිතව තිබේ. සුපිරි 12 දෙනාගේ වටයේ තරග ඔක්තෝබර් 24 දා ආරම්භ වෙයි. අවසන් මහ තරගය නොවැම්බ් 15 දා මෙල්බර්න් පිටියේදී පැවැත්විමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post