News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
29

විදේශිය දුම්වැටි තොගයක් රේගුවේදි අල්ලයි

527 Views


විදේශිය දුම්වැටි තොගයක් රේගුවේදි අල්ලයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගන්නා ලද බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා.
මොහු කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ඩුබායි හි රැකියා කළ අයෙකි .

ඔහු අද දින අලුයම 2.45 ට සාජා නුවර සිට පැමිණි එයා ඇරබියා ගුවන් සේවයේ ජී9501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

රුපියල් ලක්ෂ 18 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත “ටොප් මවුන්ටන් ” වර්ගයේ දුම්වැටි 33,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් සහ තවත් පැකට් 190 ක් ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඔහුගේ ඇදුම් අතර සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post