News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
29

මාතර ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

681 Views


මාතර ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

මාතර පඹුරණ වාහන කොටස් අලෙවි ව්‍යාපාරික ආයතනයක් අද (29) දහවල් ඇතිවූ හදීසී ගින්නකින් මුලු මනින්ම විනාශයට පත්වු බව මාතර මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කරනවා.

මහල් පහකින් යුත් එම ගොඩනැගිල්ලට සිදුවු අලාභය රුපියල් කෝටි ගණනක් වන බව කියති.

පැය තුනක පමණ කාලයක් තිස්සේ පැවති ගින්න නිවා දැමීම සදහා මාතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට අමතරව ගාල්ල මහ නගර සභා ගිනි නිවන ඒකකයේ සහාය ලබා ගැනීමට ද සිදු වුණා.

මෙම ගින්නෙන් විදෙස් රටවලින් ගෙන්වන ලද වාහන කොටස් තොගයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ විය.

ඊට අමතරව අලුතින් ඉදි කරන ලද පස් මහල් ගොඩනැගිල්ලේ බිත්ති පුපුරා එම ගොඩනැගිල්ලට ද දැඩි අලාභ හානි සිදු වී තිබුණි.

ගින්න ඇති වන විට එම ව්‍යාපාරික ස්ථානයේ සේවකයින් කිහිප දෙනෙකු පමණක් සිට ඇති අතර ඔවුන් වහා පිටතට පැන සිය ජීවිත බේරාගෙන තිබෙනවා.

ගින්න ඇති වීමට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණයවී නෑ.

මෙම ගින්න හේතුවෙන් මාතර කොළඹ ප්‍රධාන මාර්ගය පඹුරණ ප්‍රදේශයෙන් වසා දැමූ අතර එම මාර්ගයේ වාහන ධාවනය විකල්ප මාර්ග ඔස්සේ සිදු කිරීමට පොලීසිය පියවර ගත්තේය.


News Articles
Latest Videos
Most Popular Post