News Line| Off Air
Generic placeholder image

Jan
29

සීගිරියට යන අයට දැනුම්දීමක්

1014 Views


සීගිරියට යන අයට දැනුම්දීමක්

සීගිරිය දියඅගල ඇතුළත කලාපය පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට පත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ. ඒ, ලබන සිකුරාදා සිටයි.

ඒ අනුව අදාළ ප‍්‍රදේශයට පිසින ලද ආහාර වර්ග හා කෙටි ආහාර වර්ග රැගෙන යාම තහනම් වනු ඇති. ආහාර ලෙස බිස්කට් වර්ගයක් රැගෙන යාමට අවසර හිමිවුවත් එහි පිටතින් ඇති පොලිතීන් ආවරණය ඉවත් කිරීම අනිවාර්යය වනවා.

ජල බෝතල්වල මූඩියේ ඇති පොලිතීන් ආවරණය හා පිටතින් ඇති ලේබලය මෙන්ම පොලිතීන් ආවරණය ද ඉවත් කළ යුතු බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. බිස්කට් සහ ජල බෝතල් රැගෙන යාමට අලූතින් බෑගයක් ද හඳුන්වා දීමටයි එහිදී තීරණය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post