News Line| Off Air
Generic placeholder image

Jan
30

මම වගේ රෑ දහයෙන් පස්සේ ගමන් යන්න එපා කියලා මම සජිත්ට කිව්වා – ජනපති කියයි

1762 Views


මම වගේ රෑ දහයෙන් පස්සේ ගමන් යන්න එපා කියලා මම සජිත්ට කිව්වා – ජනපති කියයි

රෑ 10න් පස්සේ තමන් ගමන් බිමන් නොයන බව එසේ කටයුතු කරන ලෙසට තමන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සඳහන් කළ බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පැවැති කලා භූෂණ සම්මාන උලෙළ අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කලා.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කළ උත්සවයට විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අසනීප තත්ත්වයක් මත එක්වී සිටියේ නැහැ.

“වර්තමාන රජයේ සිටින ඉතාමත් දක්ෂ, අවංක, කාර්යශූර, ගුණයහපත් ඇමතිවරයෙක් විදියට නිවාස හා ඉදිකිරීම් සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා මා විශ්වාස කරනවා. අසනීප තත්ත්වය නිසා සජිත් පේ‍්‍රමදාස මහතා අද මෙහි නොසිටියත් සංස්කෘතිය ලැබුණේ ලැබිය යුතුම අමාත්‍යවරයාටයි කියලා මා ප‍්‍රකාශ කරනවා.ඒ නිසා ඔහු ඉක්මනින් සුව වේවා කියා නිරෝගී වේවා කියා මා ප‍්‍රාර්ථනා කරනවා. ගරු හේමා පේ‍්‍රමදාස මැතිණියනි, මා පසුගිය දවස්වලත් සජිත්ට මම කිහිපවරක්ම කිව්වා පැය 24 ම දුවන්න එපා කියලා. කැබිනට් රැස්වීම්වලට එන්නෙත් නැහැ බැලුවහම කොළඹ නැහැ. කතා කළ විට මුණ ගැහුණු විට කියනවා මම, එකයි දෙකයි අරහෙන් එනකොට මෙහෙන් එනකොට කියලා. මම එතුමාට බොහෝ වෙලාවට කියනවා, 10 න් පස්සේ ගමන් බිමන් යන්න එපා ඒක මගේ නම් ප‍්‍රතිපත්තිය කියලා.මම හිතනවා එතුමා අසනීප වුණේ වැඩියෙන් වැඩ කරලා වැඩියෙන් එහෙ මෙහෙ දුවලා නිසා කියලා. එතුමා නැති එක මහ අඩුවක් විදියට මෙතනට දැනෙනවා.”


News Articles
Latest Videos
Most Popular Post