News Line| Off Air
Generic placeholder image

Jan
30

බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධි ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි – PHOTO

695 Views


බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධි ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි – PHOTO

මාවනැල්ල නගරයට ආසන්න ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම 09 කට අලාභානි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 11 දෙනා තවදුරටත් පෙබරවාරි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා අද (30) නියෝග සිදු කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙන්නේ මාවනැල්ල, ගම්පොළ ගෙලිඔය, පොළොන්නරුව තඹාල ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 හා 30 අතර වයස් සීමාවන්වල පසුවෙන පුද්ගලයින්.

මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙන ප‍්‍රධාන සැකකරුවන් වන අයියා සහ මල්ලි යන මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රධාන සැකකරුවන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ඔවුන් ප‍්‍රදේශය අතහැර පලා ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

එම නිසා එම සැකකරුවන්ගේ පියා මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මාවනැල්ල වරකාපන ග‍්‍රාම සේවා වසමේ දිදුලවත්ත ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමාවකට හානි කර පලා යමින් සිටි මේ සැකකරුවන්ගෙන් එක් අයෙක් ප‍්‍රදේශයේ තරුණයන් තිදෙනෙක් විසින් අල්ලා ප‍්‍රදේශවාසීන්ගේ සහායෙන් පොලිසියට භාර දුන්නේ දෙසැම්බර් 26 වැනි දිනයි.

එහිදි එක් සැකකරුවෙක් පලා ගොස් ඇති අතර මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන සැකකරුවන්ගෙන් ඔහු ද එක් අයෙක් වනවා.

ඒ අනුව පොලිසිය විසින් අල්ලා ගත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරිමේදී ඊට සම්බන්ධ තවත් පිරිසක් අත්අංඩගුවට ගත් අතර ඔවුන් සෘජුවම මෙම කටයුත්ත සිදු කර ඇති බවටද අනාවරණය වී තිබේ.

සිද්ධි මාලාව සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවන් හා තවත් තොරතුරු අනාවරණය වෙමින් පැවතීම නිසා අත්අඩංගුවට පත් වු පුද්ගයින් දින 14 ක් දක්වා එම සෑම අවස්ථාවකම රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි වාර්තා වෙන්නේ.

පසුගිය ජනවාරි 22 වැනි දින මාවනැල්ල බුදු පිළිම කැඩු ප‍්‍රධාන සහෝදර සැකකරුවන් දෙදෙනාගේ නිවාස වල තිබි වායු රයිෆල්, පිළිම විනාශ කිරීමට යොදා ගත් යකඩ මිටි හා පිහි ආදීය මෙන්ම පරිගණක හා සිම් කාඩ් පත් කිහිපයක්ම සොයා ගෙන තිබුණා.

ඊට පසුවත් ප‍්‍රධාන සැකකරුවන් සැඟව සිටින බවට පොලිසිය හා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේදී තවත් අවි ආයුධ රැසක් සොයා ගත් අතර මෙම සිද්ධින් හරහා දවසින් දවස මෙහි තොරතුරු අනාවරණය වන බවයි පැවසෙන්නේ.

සැකකරුවන් වෙනුවෙන් පිටස්තර ප‍්‍රදේශවලින් පැමිණි සිංහල හා මුස්ලිම් ජාතික නිතීඥයන් දෙදෙනෙක් පෙනී සිටි අතර මාවනැල්ල නිතීඥ මණ්ඩලයම සැකකරුවන්ට විරුද්ධව පෙනී සිටිනවා.

සිද්ධිය වු මුල් අවස්ථාවේ සිටම මාවනැල්ල නිතීඥ මණ්ඩලය එම තීරණයේ සිට කටයුතු කිරීමද දක්නට ලැබුණු බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල අපරාධ විමර්ශන අංශය හා බුද්ධි අංශ කෑගල්ල මූලස්ථාන පොලිසිය මාවනැල්ල පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ සිදු කරනවා.

 


News Articles
Latest Videos
Most Popular Post