News Line| Off Air
Generic placeholder image

Jan
30

කතානායකවරයා තම ජයග්‍රහණය හෙළිකරයි

558 Views


කතානායකවරයා තම ජයග්‍රහණය හෙළිකරයි

වත්මන් පාර්ලිමේන්තුවෙන් නව ව්‍යවස්ථාවක් හදුන්වා දී පාර්ලිමේන්තුවෙන් පිටවී යාමට හැකිනම් එය අපි ලබන ජයග්‍රහණයක් බවත් එසේ නොමැතිව මේ ප්‍රශ්නය ඊළග පරම්පරාවට පවරාදීම පවක් බවත් කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ආදි කර්තෘ අනුස්මරණ සංවත්සර උත්සවය අමතමින් ඊයේ (29) කතානායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු ප්‍රකාශ කර සිටියේ,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවිධ අය කතා කරනවා. ව්‍යවස්ථාදායකයට තවම ව්‍යවස්ථාවක් ඉදිරිපත් වෙලා නැහැ. යෝජනා ඇවිල්ල තියෙනවා. මේ අවස්ථාවේ විවිධ මතිමතාන්තර ඉදිරිපත් වෙනවා. ඒව හොද වෙන්නත් පුළුවන්, ඒව නරක වෙන්නත් පුළුවන්. මේ පිළිබදව අනෙකුත් නායක හිමිපාණන් වහනසේලාගේ ප්‍රකාශ අපට ලැබුණා. උන්වහන්සේලා සියලු දෙනාම ඉල්ලීම් කළේ පාර්ලිමේන්තුවේ මුලිකත්වයෙන් ජනාධිපතිතුමා අගමැතිතුමා අතුළු සියලුම පක්ෂ නායකයින් කැඳවලා, මේ සම්බන්ධයෙන් දවසක දෙකක විවරණයක් කර මේකට පක්ෂ අදහස් විපක්ෂ අදහස් ඒ වගේම ද්‍රවිඩ පක්ෂවල අදහස් මේ ගැන කතා කරල මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගත යුතුයි කියලා.

පිළිගැනීම නොපිළිගැනීම අපිට ඒ අයට භාර දෙන්න පුළුවන්. දැන් මේ පිළිබදව ස්වාමීන් වහන්සේලාත් දෙපාර්ශවයකට බෙදිල අපහාස කරන විට අපටත් යම්කිසි වේදනාවක් තියෙනව. ඒක අනවශ්‍ය දෙයක් ඒ නිසා මේ සම්බන්ධයෙනුත් ඔබ වහන්සේලාගේ අවධානය මම යොමු කරනව.

ජ්‍යෙෂ්ඨ නායකයො අද පාර්ලිමේනතුවෙ ඉන්නවා. ඒ අයගේ යුතුකම මෙය ඉටු කිරීමයි. සමහර අය මේක කල්දාගන්න හදනව. අපිට වගකීමක් තිබෙනව මේ සම්බන්ධයෙන් දේශපාලන හේතු මත එසේ කල්දාගන්න හිතුවොත් මේක කල්දාන්නේ නැතුව එක්කො මේක පිළිගන්න නැත්නම් විසිරුවා දාන්න. අවසාන තීරණයක් හොඳට අධ්‍යයනය කරල බලලා පරීක්ෂාකර බලලා අනෙකුත් මත වලට කන්දීල අවසන් තීරණයක් ගන්න කියල කියන එක මගේ ගෞරවනීය ඉල්ලීමයි.

රාමඤ්ඤ නිකාය මේ කරගෙනයන අතිශය වැදගත් කාර්භාරය බුද්ධ ශාසනයේ චිරස්තිථිය මෙන්ම අනෙකුත් කටයුතුවලදී දැහමි සමාජයක් ඇති කිරීම සඳහා දෙන නායකත්වය ඉතා වැදගත්. ඒ සඳහා මහා නායක මාහිමියන් ප්‍රම්‍රඛ සංඝ රත්නයෙන් ලැබෙන ආශිර්වාදය වැදගත්. රාමඤ්ඤ නිකායේ නිකාය ආරක්ෂක සභාවත් අපිට ඉතා වැදගත්” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post