News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

රාජ්‍ය සේවකයින්ට ෆේස්බුක් තහනමක් ?

637 Views


රාජ්‍ය සේවකයින්ට ෆේස්බුක් තහනමක් ?

මධ්‍යම පළාත් රජයේ සේවකයන් තම රාජකාරී කාලය තුළ ස්මාට් දුරකතන හා ෆේස් බුක් භාවිත කිරිම තහනම් බව මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (29දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“රජයේ කාර්යාල වලට ගියාම අට හමාරට ඇවිල්ලා වැඩ පටන් ගන්න කොට 9.30යි. තේ බීලා පත්තර බලලා කරන්න ඕන ඔක්කොම වැඩ කරලා 9.30ට වැඩ ආරම්භ කරනවා. ඒ වැඩ ආරම්භ කළාට පස්සේ ඔන්න ෆෝන් එකේ ටුක් ටුක් ගාලා වදිනවා මැසේජ්. ගන්නවා ෆෝන් එක.

ඊට පස්සෙ යනවා ෆේස්බුක් එකට කල්පනා කරලා බලන්න රාජ්‍ය සේවකයෙක් හරියට පැය කීයක් වැඩ කරනවද කියලා.

මධ්‍යම පළාතේ කවුරු හරි නිලධාරියෙක් වැඩ කරන කාල සීමාව තුළ ෆේස්බුක් හා ස්මාට් ෆෝන් පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොතින් එහෙම සේවය අත්හිටුවලා තමයි විනය පරීක්ෂණ කරන්නේ. මම ආණ්ඩුකාර කමේ කොයිතරම් ඉදීද දන්නේ නෑ. ඉන්නකම් හරියට කරනවා.”


News Articles
Latest Videos
Most Popular Post