News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

මාතලේ සේනා පාලනය කරයි

621 Views


මාතලේ සේනා පාලනය කරයි

සේනා දළඹුවාගේ ව්‍යාප්තිය මාතලේ දිස්ත‍්‍රික්කය තුළ මේ වන විට බොහෝ දුරට පාලනය කර තිබෙන බව එම දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එම්.පී.කේ දොඩන්වල ප්‍රකාශ කරනවා.

සේනා දලඹුවාගේ සීඝ‍්‍ර ව්‍යාප්තිය නිසා සෙසු ප‍්‍රදේශ බොහෝමයක මෙන්ම මාතලේ දිස්ත‍්‍රික්කයේ ද බඩඉරිගු වගාවන්ට හානි සිදු වුණා.

ගොවීන් දැනුවත් කරමින්, විවිධ පලිබෝධ පාලන ක‍්‍රම සහ විලෝපිකයන් ද යොදා ගනිමින් මෙම තර්ජනයට එරෙහිව පියවර ගත් බවයි මාතලේ දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.

සේනා නොවන දළඹු විශේෂ කිහිපයක්ද මාතලේ දිස්ත‍්‍රික්කයේ වගාබිම් ආශ‍්‍රිතව හඳුනාගෙන තිබෙනවා.

ඒ සදහා ද පළිබෝධ පාලන ක‍්‍රම හා විලෝපිකයින් යෙදවීමට පරීක්ෂණ සිදු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.


News Articles
Latest Videos
Most Popular Post