News Line| Off Air
Generic placeholder image

Jan
30

TPA ආණ්ඩුවෙන් ඉවත්වෙයි ?

702 Views


TPA  ආණ්ඩුවෙන් ඉවත්වෙයි ?

වතුකම්කරුවන්ගේ වැටප් ගැටලුව එළැඹෙන පෙබරවාරි 01 දාට පෙර විසදීමට කටයුතු නොකළ හොත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව තීරණයක් ගන්නා බවත් අමාත්‍යධුරවලින් ඉවත්වීමට කටයුතු කරන බවත් නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවනවා. ද්‍රවිඩි ප්‍රගතිශීලී සන්ධානය මන්ත්‍රීවරු 6 දෙනෙක් නියෝජනය කරන අතර එයින් තිදෙනෙක් ආණ්ඩුවේ අමාත්‍යධුර දරයි.

“වතු කම්කරුවන් සතුව තිබූ රු.140 ක දීමනාව නැවත වැටුපට එක් නොකලොත් එලැඹෙන 01 වැනිදා සිට තමා ඇතුළු සිය සන්ධානයේ අනෙකුත් අමාත්‍යවරුන් තිදෙනාම ධූර වලින් ඉල්ලා අස්වන බවයි.

“වතුකම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් හාම්පුතුන් සමග (සාකච්ඡා) අවසන් කරලා අඩු පඩියට පාවාදුන්නා ආරුමුගන් තොණ්ඩමන් හා වඩිවේල් සුරේෂ්. ඇත්තටම ඒ අයට අතසන් ගන්න ඉස්සෙල්ලා හම්බවුණේ මූලික පඩිය 500යි, දවස් 21ක් වැඩ කළොත් රුපියල් 60යි, බලදාරිත්වය දීමනාව කියලා රුපියල් 140යි. ඔක්කොම 700යි. ඒ දේ තමයි දැන් මූලික වැටුප 700යි කියලා දීලා තියෙන්නේ. එතකොට අර බලධාරිත්වය දීමනාව කියලා 140ක් දුන්නා ඒක නැතිකරලා තියෙනවා.

අපි අගමැතිත් සමග මේ ගැටලුව සාකච්ඡා කළා. අඩුම වශයෙන් 140 දීමනාව දිය යුතුයි. ඒක හරි දුන්නේ නැත්නම් අපි ආණ්ඩුවේ ඉන්නවද නැත්ද කියලා පළමුවැනිදායින් පස්සේ තීරණ ගන්නා. ඊට පස්සේ අපි හැටන් වලට ගිහිල්ලා සද්ධ කරනවා ජනතාවත් එක්කලා.

සමහර අය කිව්වා තමන්ගේ සීයගේ දවසේ අයින් වෙනවා, පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා කිව්වා. ඒ අය උදේට එකක් කියනවා හවසට එකක් කියනවා. වඩිවේල් සුරේෂ් වුණත් උදේට මහින්ද මහත්තයාගේ ගෙදර ඉන්නවා හවසට අගමැති කාර්යාලයේ රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්නවා.

අප එහෙම නෙවෙයි. කිව්වොත් කරනවා. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. අපේ සන්ධානයේ සාකච්ඡාව තිබුණා. අපේ නායකතුමා මනෝ ගනේෂන් කිලිනොච්චියෙ සිටියා එතුමත් එක්ක දුරකතනයේ කථා කළා. එතුමා කිව්වා ඕනම එකකට ලෑස්තියි කියලා. අපි හය දෙනාම එකතුවෙලා ඉන්නවා මේ සම්බන්ධව නැවත වරක් සාකච්ඡා කර රුපියල් 140 දිය යුතුයි. එහෙම නැත්නම් ආණ්ඩුවේ ඉන්නවද කියලා තීරණයක් ගන්නවා. අපිට ඇමතිකම වැඩක් නෑ. අපි ජනතාවගෙන් ආපු අය.”


News Articles
Latest Videos
Most Popular Post