News Line| Off Air
Generic placeholder image

Jan
30

විශේෂඥ වෛද්‍යවරුන් විශේෂ දීමනාවක් ඉල්ලයි

1281 Views


විශේෂඥ වෛද්‍යවරුන් විශේෂ දීමනාවක් ඉල්ලයි

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා විශේෂ දීමනාවක් ලබාගැනීම, ප්‍රවාහන හා බාධා දීමනා පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවත්වා තිබෙනවා.

මෙහිදී විශේෂඳ වෛද්‍යවරුන්ගේ සංගමය පවසා ඇත්තේ ප්‍රවාහන හා බාධා දීමනාව විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සඳහා එකම අගයක් මේ වන විට ලබා දෙන අතර එය සංශෝධනය කර විශේෂඥ වෛද්‍යවරුන්ට වෙනම අගයක් ලබාදෙන ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ ඒ පිළිබදව මුදල් හා සෞඛ්‍ය අමාත්‍යාංශ යහපත් එකඟතාවයකට පැමිණ ඇති බවත් ජනාධිපතිවරයා පත් කළ වැටුප් සමාලෝචන කමිටුවට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා වැඩි කිරීමේ දී විශේෂ වරප්‍රසාද නොලැබෙන බවට විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී ප්‍රකාශ කර ඇති අතර වයස අවුරුදු 60 දී විශ්‍රාම යන විට ලැබෙන වරප්‍රසාද වයස අවුරුදු 63 දී විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරුන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. ඒ පිළිබදව සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතාමනි කරුණාරත්න මහත්මියට උපදෙස් ලබාදෙන ලදී.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කිරිම, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව කඩිනමින් සකස් කිරිම, වාර්ෂික ස්ථාන මාරුවීම් කඩිනම් කිරීම පිළිබදව ද මෙහිදී කතා බහට අලක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post