News Line| Off Air
Generic placeholder image

Jan
31

නුවර ගින්නෙන් විපතට පත් රාමනාදන් රාමරාජ් වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවෙන් ලක්ෂ පහක පරිත්‍යාගයක්

1385 Views


නුවර ගින්නෙන් විපතට පත් රාමනාදන් රාමරාජ් වෙනුවෙන්  ශ්‍රී දළදා මාලිගාවෙන් ලක්ෂ පහක පරිත්‍යාගයක්

මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක පසුගිය 08 වෙනි දා හට ගත් ගින්නෙන් පීඩාවට පත් රාමනාදන් රාමරාජ් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් හට ශ්‍රී දළදා මාලිගාවෙන් රු.ලක්ෂ පහක ආධාරයක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්. එදා අළුයම සිදු වූ මෙම ගිනි ගැනීමත් සමඟ සිය දරුවන්ගේ හා බිරිඳගේ ජීවිත බේරා ගැනීම උදෙසා රාමරාජ් මහතා විසින් ස්ථානෝචිතව ගත් පියවර හේතුවෙන් ඔහු බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වුණා.


News Articles
Latest Videos
Most Popular Post