News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

ගෝඨාගේ මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව 11

550 Views


ගෝඨාගේ මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව 11

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ලබන 11දා ප‍්‍රකාශයට පත් කිරීමට විශේෂ මහාධිකරණය අද (31දා) තීරණය කර තිබෙනවා.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post