News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
31

මේ රජයේ දූෂණ කියන්න මහින්දගෙන් ඒකකයක්

606 Views


මේ රජයේ දූෂණ කියන්න මහින්දගෙන් ඒකකයක්

වත්මන් රජය යටතේ සිදුවූ දේශපාලන පලිගැනීම්, අසාධාරණකම් නීතීවිරෝධි කටයුතු සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ගතහැකි පියවර පිළිබඳව නීතී උපදේශන සේවාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් අනුව ක්‍රියාත්මක කිරිමට කටයුතු සූදානම් කර ඇති බව විපක්ෂනායක කාර්යාලය නිවේදනය කරනවා.

පෙබරවාරි මස 06 වන දින සිට සෑම බදාදා දිනකම සවස 01.00 සිට 05.00 දක්වා අංක 30, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත, කොළඹ – 07 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ මෙම නීති උපදේශන සේවාව පැවැත්වෙන බවත් විපක්ෂනායක කාර්යාලය නිවේදනය කරනවා.

අසාධාරණවලට, පළිගැනීම්වලට ලක්වූ සැමට ඒ පිළිබදව ගතහැකි නීතීමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමටත් එම කාලය තුළ හැකියාවක් තියෙනවා.

2015 න් පසු වර්ථමාන ආණ්ඩුව යටතේ රජයේ ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථාපිත මණ්ඩලවල සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහාත් එකී ආයතන මගින් අසාධාරණකම් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද තොරතුරු වෙතොත් අවශ්‍ය පියවර ගැනීම සඳහා එම තොරතුරු ලබාදීමට මේ හරහා අවස්ථාව ලැබෙයි.


News Articles
Latest Videos
Most Popular Post