News Line| Off Air
Generic placeholder image

Jan
31

මොන මැතිවරණය ආවත් එජාපයේ ජයග්‍රහණය ස්ථිරයි – අකිල

552 Views


මොන මැතිවරණය ආවත් එජාපයේ ජයග්‍රහණය ස්ථිරයි – අකිල

මැතිවරණ කල්දැමීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු උවමනාවක් නැති බවත් පවත්වන ඕනෑම ජාතික මැතිවරණයකින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජයග්‍රහණය ස්ථිර බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.

අද(31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවාගැනීමේ දෙවන අදියරේ පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

පසුගිය රජය තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පළාත්සභා මැතිවරණ කඩින්කඩ පැවැත්වූ බව පෙන්වා දුන් මහලේකම්වරයා මැතිවරණ පැවැත්විය යුත්තේ පවතින විධිවිධාන යටතේ බව ද අවධාරණය කළේය.

එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය පරිදි මැතිවරණ පැවැත්විය නොහැකි බව සඳහන් කළ මහලේකම්වරයා, කුමන ක්‍රමවේදයකට හෝ මැතිවරණ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය.

ඉදිරියේ පවත්වන ඕනෑම ජාතික මැතිවරණයක දී එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ බලවේගය වටා ජනතාව ඒකරාශිවන බව පැවසූ මහලේකම්වරයා ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් එක්වී ඇති බව ද ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post