News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
1

රනිල්ගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කළ පෙත්සම විභාගයට දින ලැබෙයි

548 Views


රනිල්ගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කළ පෙත්සම විභාගයට දින ලැබෙයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රධූරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම මේ මස 12 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින ලබා දී තිබෙනවා.

ඒ, අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඒ එල් එස් ගුණරත්න සහ පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

කොළඹ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ශර්මිලා ගෝනවල විසින් එම පෙත්සම ගොනු කර තිබෙනවා. මෙම පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ඉවත් වන බව අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසූරිය ඊයේ දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post