News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ප්‍රහාරයක්

601 Views


ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ප්‍රහාරයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරාහි මනූකා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 87කදී ලකුණු 384/4ක් රැස්කිරීමට සමත්විය.

ඒ අනුව ඔවුන් එක් පන්දුවාරයක් තුළ ලකුණු 4.41ක දළ වේගයක් රඳවා ගැනීමට සමත්ව තිබේ.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා නායක ටිම් පේන් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. කෙසේ වෙතත් ඔවුන්ගේ මුල් කඩුලු ත්‍රිත්වය ලකුණු 28ක් තුළ බිඳ දැමීමට විශ්ව ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න සමත්විය.

නමුත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 308ක සමබඳතාවක් පැවැත්වීමට ජෝ බර්න්ස් 172* හා ට්‍රැවියස් හෙඩ් 161 සමත්වූහ.

දිනය නිමාවන විට ජෝ බර්ස්න් හා කුරිටිස් පැටර්සන් 25* පන්දුවට පහරදෙමින් සිටියහ.

විශ්ව ප්‍රනාන්දු 99/3 හා චාමික කරුණාරත්න 87/1 කඩුලු දවා ගැනීමට සමත්වූහ. මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙයි.

පළමු ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියාව ජයගත්තේය.


News Articles
Latest Videos
Most Popular Post