News Line| Off Air
Generic placeholder image

Feb
1

ඊළඟ ජනාධිපතිවරණයේදි ශ්‍රිලනිප අපේක්ෂකයා මෛත්‍රීපාල

732 Views


ඊළඟ ජනාධිපතිවරණයේදි ශ්‍රිලනිප අපේක්ෂකයා මෛත්‍රීපාල

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීමේදි ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන සංවිධායකුතමන්ලා කොට්ඨාස මන්ත්‍රීතුමන්ලා අපේක්ෂකතුමන්ලා හා ආසන බළ මණ්ඩල සියල්ලම පක්ෂය විසින් ඉදිරිපත් කළ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට පොරොන්දු වෙනවා.ඒ වගේම මෙතැනට පැමිණිලා තිබෙන සියලු දිස්ත්‍රික් සංවිධාන වලින් කරන්න කැමතියි අපි ජනාධිපති මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ගැන කථා බහ කරනවා. දැන් බොහෝ විට තදින් කථා කරන මැතිවරණයක් තමයි ජනාධිපති මැතිවරණය, ඒ නිසා අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් බල මණ්ඩලය විදිහට අපි විශේෂ යෝජනාවක් ගේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා විදිහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කරනවා යනුවෙනි.

අනතුරුව, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සිදු කළ යෝජනාව තමන් ස්ථිර කරන බව පැවසීය.

අනතුරුව පැමින සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලු අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල නියෝජිතයින් හා දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයින් අත ඔසවා එම යෝජනාවට සිය අනුමත කරන බව ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post