News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
1

රුපියල ඉහළට – ඩොලරය පහළට

2220 Views


රුපියල ඉහළට – ඩොලරය පහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව අද (1දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 180.19ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 176.34ලෙස දැක්වා තිබිණි.

ඊයේ (31දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 181.28ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 177.41 ලෙස දැක්වා තිබිණි.

ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල 30 දා රුපියල් 182.70ක් ලෙස සටහන් වී තිබූ අතර, එහි ගැනුම් මිල රුපියල් 178.83ක් ලෙස දැක්විණි.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය දින කිහිපයේදී රුපියල් 183 හා 184 යන අගයන්වල පැවැතිණි.


News Articles
Latest Videos
Most Popular Post