ශ්රී ලංකාවේ ශ්රව්යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවාදශීලී ඇන්ඩ්රොයිඩ් මෘදුකාංගයක් නිපදවීමට කටයුතු කර තිබෙනවා.
මෙම මෘදුකාංගය ශ්රව්යාබාධිත පුද්ගලයකු සහ සාමාන්ය පුද්ගලයකු අතර සන්නිවේදනය පහසු කරලීම වෙනුවෙන් නිපදවන ලෙසත් ඔහු සඳහන් කර තිබේ. මෙම ඇන්ඩ්රොයිඩ් මෘදුකාංගය නිපදවනු ලබන්නේ ශ්රව්යාබාධිත පුද්ගලයකු වීම ද විශේෂත්වයක්.
ශ්රව්යාබාධිත පුද්ගලයාට පැවසීමට අවශ්ය වචන, අකුරු වාක්ය බවට පරිවර්ථනය කිරීම මෙමගින් සිදුවේ. මේ හරහා දෙපිරිස අතර විධිමත් සංවාදයකට මුල පිරෙන බව ප්රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්ය දයා ගමගේ මහතා පවසනවා.
ශ්රව්යාබාධිත පුද්ගලයන් කෘෂිකර්මාන්තයට උනන්දු කරලීම වෙනුවෙන් ඊට අදාල ශබ්දකෝෂ ද මෙම මෘදුකාංගයට එක් කිරිමට පියවර ගැනේ.
මෘදුකාංගය භාවිතා කරමින් කෘෂි උපදෙස් හා වගා විධි අධ්යනය කිරීමට ද අවස්ථාව යෙදේ. ස්මාට් ජංගම දුරකථන හරහා ශ්රව්යාබාධිතයන්ට කඩිනමින් මෙම සේවාව ලබා දීමට පියවර ගන්නා බව අමාත්යවරයා පවසනවා.
වසර 2012 ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති වාර්තා අනුව ලංකාවේ වෙසෙන ශ්රව්යාබාධිත හා අර්ධ ශ්රව්යාබාධිත පුද්ගලයන්ගේ සංඛ්යාව ලක්ෂ 05 ඉක්මවනවා.