News Line| Off Air
Generic placeholder image

Feb
5

FB සාද ගැන පොලිසියේ විශේෂ අවධානයක්

664 Views


FB සාද ගැන පොලිසියේ විශේෂ අවධානයක්

‘මුහුණුපොත’ හෙවත් ‘ෆේස්බුක්’ හරහා සංවිධානය කරන සාද සියල්ලම දැඩි පරීක්‍ෂාවකට ලක්කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.මෙවැනි බොහෝ සාද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මූලිකත්වයෙන් සංවිධානය වන අතර, එම සාදවලට පැමිණෙන පිරිස් වෙත විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට හෙළිවීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙම උපදෙස් ලබාදී ඇත.

එවැනි සාද පරීක්‍ෂා කිරීමේදී අදාළ ස්ථානවල විෂ මත්ද්‍රව්‍ය හෝ එම ස්ථානවල නීතිවිරෝධී කටයුතු සිදුවනවානම්, අදාළ සාදය සංවිධානය කළ පිරිස්, ඒ සඳහා ආධාර අනුබල ලබාදුන් පිරිස් සහ සාදයට සම්බන්ධ වී සිටින පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ඒ මහතා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.


News Articles
Latest Videos
Most Popular Post