News Line| Off Air
Generic placeholder image

Feb
5

රුපියල් කෝටියක කේරල ගංජා කිලෝ 77ක් අත්අඩංගුවට

467 Views


රුපියල් කෝටියක කේරල ගංජා කිලෝ 77ක් අත්අඩංගුවට

යාපනය චාවකච්ඡේරි තනන්සිලප්පු මංසන්ධියේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 77 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (04) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට චාවකච්ඡේරිය පොලීසිය ප්‍රකාශ කර සිටියේය.

යාපනය පොලිස් දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලැබුණු තොරතුරකට අනුව යාපනය මන්නාරම ඒ-32 මාර්ගයේ සංගුපිඩ්ඩි පාලම හා නාවට්කුලි අතර පිහිටි තනන්සිල්ප්පු මංසන්ධියේදී තරුණයින් දෙදෙනෙකු විසින් අදාළ කේරල ගංජා තොගය යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී වැටලීමක් සිදුකොට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 සහ 22 හැවිරිදි වයස් කාණ්ඩවල යාපනය ඉයක්කච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post