News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

මාකදුරේ මධූෂ් වහාම ලංකාවට ගෙන්වන්න – ජනපති

3980 Views


මාකදුරේ මධූෂ් වහාම ලංකාවට ගෙන්වන්න – ජනපති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරනු ලැබුවා.

අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණා.

අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අතර කෙසෙල් වත්තේ දිනුක ඇතුළු ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් සිටින බව වාර්තා වෙනවා.

ඩුබායි හෝටලයේ සිට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා ද සිටින බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් අනෙක් පිරිස හඳුනා ගැනීමේ විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මැඩලීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ආරක්ෂක අංශ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගැනීම පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post