News Line| Off Air
Generic placeholder image

Feb
5

මොන බාධා ආවත් අධ්‍යාපන පද්ධතියේ වෙනසක් ඇති කළා

477 Views


මොන බාධා ආවත් අධ්‍යාපන පද්ධතියේ වෙනසක් ඇති කළා

ශීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවතින නවීන ලෝකයට උචිත පරිදි අධ්‍යාපන පද්ධතිය යාවත්කාලීන කරමින් ජනතාවට ප්‍රතිලාභ අත්පත්කර දීමට පැවති ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බොහෝ සංවර්ධන යෝජනා එහි සිටි ඇතැම් පුද්ගලයින්ගේ බාධාකිරීම් හමුවේ සැලසුම් කළ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කුලියාපිටිය වීරපොකුණ විජිත මධ්‍ය විද්‍යාලයේ ද්විතියික කනිෂ්ඨ විද්‍යාගාරය සහ ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම් උත්සවවල ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනුයි.

මීට අමතරව රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කළ වෙනත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ද සැලසුම් කළ පරිදි ඉටුකිරීමට මෙම පුද්ගලයින් බාධා කළ බැවින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා යාමට අපහසු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කුමන අවහිරතා තිබුණත් අධ්‍යාපන පද්ධතිය තුළ කැපී පෙනෙන වෙනස්කම් සිදුකිරීමට හැකි වූ බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා එම වෙනස්කම් ද තමන් අපේක්ෂා කළ මට්ටමින් අඩකටත් වඩා අඩු බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.


News Articles
Latest Videos
Most Popular Post