News Line| Off Air
Generic placeholder image

Feb
5

අතුරුදහන් වූවන් හා දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විරෝධතාවක්

471 Views


අතුරුදහන් වූවන් හා දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විරෝධතාවක්

යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සහ සිරගත කොට ඇති දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණා.

යාපනය ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී ඊයේ (04) දින මෙම විරෝධතාවය සම අයිතිය පිළිබඳව ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබුණෑ.

විරෝධතාවයට සහභාගී වූවන් ප්‍රකාශ කර සිටියේ,

‘යුද්ධය අවසන් වී වසර 10 ක් ගතවීමට ආසන්න වුවද මේ වන විටත් යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති අතරම ජාත්‍යන්තරය රැවටීමට පමණක් අතුරුදහන් වූවන්ගේ කාර්යාල ආරම්භ කර ඇති බවයි.ඒම හේතුව නිසා අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් සිදුවී නොමැති අතර හැකි ඉක්මනින් අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසදුමක් ලබා දෙන ලෙසටය.

එමෙන්ම දිවයිනේ විවධ බන්ධනාගාරයන්හි දේශපාලන සිරකරුවන් නඩු ඇසීමකින් තොරව දීර්ඝ කාලයක් රඳවා සිටි හෙයින් යුද්ධය අවසන් වී තිබෙන මොහොතක ඔවුන් සියලු දෙනාම නිදහස් කිරීමට රජය විසින් පියවර ගත යුතු බවටය.


News Articles
Latest Videos
Most Popular Post