නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින ,ශ‍්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වි තිබෙනවා.
දිවයිනට පැමිණ සිටින මාලදිවයන ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය නායකයන් අතර මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගෙන යන විශේෂ වැඩපිළිවෙළත්, ඒ පිළිබඳ එතුමාගේ කැපවීමත් මෙහිදී මාලදිවයින ජනාධිපතිතුමාගේ දැඩි පැසසුමට ලක් විය.
දීර්ඝකාලීන මිත‍්‍ර රාජ්‍යයන් වන ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන් ම වෙළෙද, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන සහ නාවුක ක්ෂේත‍්‍රවලට අදාළව දෙරට අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ එම ක්ෂේත‍්‍රවලට අදාළව නව ගිවිසුම් ඇතිකර ගැනීම පිළිබඳව ද මෙහි දී නායකයන් සාකච්ඡා කළා.
එමෙන් ම දෙරට අතර ඒකාබද්ධ වෙළෙද අවස්ථා ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.