News Line| Off Air
Generic placeholder image

Feb
5

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනුත් මදූෂ් එක්ක සම්බන්ධයි කියලා ආරංචි වුණා – විජිත හේරත්

1354 Views


පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනුත් මදූෂ් එක්ක සම්බන්ධයි කියලා ආරංචි වුණා – විජිත හේරත්

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණගෙන් අද අත් අඩංගුවට පත් වූ මාකඳුරේ මදූෂ් ගැන විමසීමක් කළා.

එහිදී විජිත විජේමුණි මහතා සඳහන් කළේ පසුගිය කාළේ ආරංචි වුණා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනුත් මදූෂ් එක්ක සම්බන්ධයි කියලා.ඒ සම්බන්ධයෙන් මදූෂ් එක්ක හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු කවුද කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද යනුවෙන් ඔහු බුද්ධික පතිරණ නියෝජ්‍යය ඇමතිවරයාගෙන් විමසා සිටියා.

මදූෂ්ගෙ ගම මාකඳුර වුණාට අපේ දිස්ත්‍රික්කයෙ වුණාට ඒ මනුස්සයා එක්ක කතා කරන්න තියා ඒ මනුස්සයව ජීවිතේටවත් දැකලවත් නෑ.මම නම් එයත් එක්ක ගනුදෙනු කරලා නෑ. එයත් එක්ක ගනුදෙනු කරපු අය හොයාගන්න එක වෙනම කාරණයක්. ගම මාකඳුර වුණාට අපෙ නම් සම්බන්ධයක් නෑ. යනුවෙන් බුද්ධික පතිරණ මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post