News Line| Off Air
Generic placeholder image

Feb
6

ඩුබායි මාධ්‍යය මාකඳුරේ මදූෂ්ව ප්‍රමුඛ පුවත කරයි – සාදයට පැමිණි අංගොඩ ලොක්කා පළායයි

2498 Views


ඩුබායි මාධ්‍යය මාකඳුරේ මදූෂ්ව ප්‍රමුඛ පුවත කරයි – සාදයට පැමිණි අංගොඩ ලොක්කා පළායයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව ඇති බවයි වාර්තා වුණේ. මෙම පිරිස මේ වනවිට ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටින බව සඳහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල ද ලබාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කෙරෙන්නේ මේ වනවිට සිදු කරන පරීක්ෂණ අවසානයේයි. මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, ඩුබායි මාධ්‍යය ද ප‍්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කර තිබෙනවා. ඒවායේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු සිය රටේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් ද සොයාගත් බව ඩුබායි මාධ්‍ය වාර්තා කර තිබුණා. ශ‍්‍රී ලංකා සහ ඩුබායි බලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදු කළ බවත් ඉදිරි පරීක්ෂණ ද දෙරටේ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බවත් එහි වැඩිදුරටත් සඳහන්.

මෙරට අපරාධ රැසකට සම්බන්ධ මාකඳුරේ මදූෂ් නැමැත්තා කලක් තිස්සේ ඩුබායිහි සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබුණා. කලූ තුෂාර නැමැති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ බිරිඳ සමග ඔහු එහි රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ. මධූෂ් ඇතුලූ පිරිස අත්අඩංගුවට පත්වූ සුපිරි හෝටලයේ පැවැති සාදය සංවිධාන කර තිබුණේ ද ඔවුන්ගේ පුත‍්‍රයාගේ උපන් දිනය වෙනුවෙන්. එහිදී මදූෂ්ට අමතරව තවත් 24දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ අතරට හෙරොයින් සහ සංවිධානාත්මක අපරාධ කි‍්‍රයාවලට සම්බන්ධ කෙසෙල්වත්තේ දිනුක, වැලිගම සුද්දා සහ කංජිපානි ඉම්රාන් නමැත්තා ද අයත්.තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ද අදාළ සාදයට පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. සාදය පැවති ස්ථානයෙන් පිටත සිට ඇති ඔහු වැටලීම සිදුවනු දැක හෝටල් පරිශ‍්‍රයෙන් පලා ගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වෙලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post