News Line| Off Air
Generic placeholder image

Feb
6

තරග දෙකම පැරදුණත් එක ක්‍රීඩකයෙක්ට ආදායම ලක්ෂ 30ක්, සමහරු එක ලකුණකට ලක්ෂයකට වඩා හම්බකරලා

761 Views


තරග දෙකම පැරදුණත් එක ක්‍රීඩකයෙක්ට ආදායම ලක්ෂ 30ක්, සමහරු එක ලකුණකට ලක්ෂයකට වඩා හම්බකරලා

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අවසන් වුනේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් අත්කර දෙමින්. දින 10ක් පුරා තරග දෙක ක්‍රියාත්මක වීමට තිබුණත් එය දින 7ක් තුලදී අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ දුර්වල තරග විලාසය නිසාවෙන්.මෙලස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය නාමය බාල්දු කරද්දී ඔවුන්ට ගෙවන දීමනා වල නම් කිසිදු අඩුවක් නොමැති බවයි වාර්තා වන්නේ.ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ගෙවන දීමනාව ඩොලර් 8,500ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 153,0000කට ආසන්න මුදලක්.මේ අනුව දැවැන්ත පරාජයක් මුහුණ දුන් ඕස්ට්‍රේලියා තරඟ සංචාරයේදී තරඟ දෙකම ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු ඇමරිකානු ඩොලර් දාහත් දහසක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 30,60,000කට ආසන්න මුදලකට හිමිකම් කියනවා.නමුත් ඔවුන්ගේ දක්ෂතා සමඟ සංසන්දනය කළහොත් මේ තරඟාවලියේදී ඇතැම් ක්‍රීඩකයින්ට රැස්කළ ලකුණු සංඛ්‍යාව අනුව ඔවුන් රැස්කළ ලකුණක වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අවස්ථාද තිබෙනවා.

01.නිරෝෂන් දික්වැල්ල – තරඟ 02යි – ලකුණු සංඛ්‍යාව 140යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම රු. 21857.1

02. ලහිරු තිරිමාන්න – තරඟ 02යි – ලකුණු සංඛ්‍යාව 115යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම රු.26608.6

03. දිමුත් කරුණාරත්න -තරඟ 02යි – ලකුණු සංඛ්‍යාව 94යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම රු.32553.1

04. කුසල් මෙන්ඩිස් – තරඟ 02යි – ලකුණු සංඛ්‍යාව 63යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම රු.48571.4

05. ධනංජය ද සිල්වා – තරඟ 02යි – මුළු ලකුණු සංඛ්‍යාව 50යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම රු.61200

06. කුසල් පෙරේරා – තරඟ 01යි – මුළු ලකුණු සංඛ්‍යාව 29යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම රු.52758.6

07. දිනේෂ් චන්දිමාල් – තරඟ 02යි -මුළු ලකුණු සංඛ්‍යාව 24යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම රු.127500

08. රොෂේන් සිල්වා – තරඟ 01යි – මුළු ලකුණු සංඛ්‍යාව 12යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම රු.127500


News Articles
Latest Videos
Most Popular Post