තම පාලන කාලයේ අවසන් අවුරුදු දෙකේදී තමන් පැවැසූ කිසිවක් එවක අගමැති, ඇමතිවරු හා ඇතැම් නිලධාරීන්ද ගණන් නොගත් බවත් ඒ අනුව තමන්ට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ දමිල මාධ්‍යෙව්දීන් හා ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඔහුට යොමුකළ ප්‍රශ්ණ හා පිළිතුරු
18 වැනි සංශෝධනය?
(18 වැනි සංශෝධනය) හදිසියේ හැදුවට ඒක හරියට හැදුවනේ ජී.එල්. පීරිස්. මම 18 වැනි සංශෝධනය හදුවේ මට තරග කරන්න ඕන නිසා නෙමෙයි. අන්තිම අවුරුදු දෙක වන විට කවුරුවත් වැඩ කරනනේ නෑ. ජනපති කියන දේ අගමැති, ඇමතිවරු විතරක් නෙමෙයි නිලධාරීනුත් ඇහුවේ නෑ.
ඒ වුණාට ජනපති එහෙම නෙමෙයිනේ කිව්වේ?
ඔව් මම ඉස්සරහත් කිව්වා. මම එතුමා ළඟට ගිහින් කිව්වා හතර වටේටම ගැහුවා නේද කියලා. රනිල් ළඟ තියාගෙන කිව්වේ. රනිල් මෙහෙම තියාගෙන මම කිව්වා .
ජනාධිපතිත් එක්කනේ ඉන්නෙ?
නෑ අපි ජනපතිත් එක්ක නෑ. විරුද්ධ වෙන්න ඕන තැන්වල විරුද්ධ වෙනවා.
පොලිස් හා ඉඩම් බලතල?
පොලිස් බලතල දුන්න දවසට ඔයාලට පෙනෙයි. වැඳගෙන ඉන්න වෙයි මහ ඇමතිට. මිනිස්සුන්ට හැමදාම සටන් පාඨයක් දාන්න පුළුවන්ද අපිට ඊළාම් ඕන කියලා. කොල්ලොනට රස්සාවල් නෑ. ගොවීන්ට එළවළු ටික විකුණගන්න බෑ. වී ටික විකුණ ගන්න බෑ. විකුණගන්න මිලක් නෑ. ස්වයං කර්මාන්ත ශාලා නෑ. කර්මාන්ත ශාලා මම හැදුවට පස්සේ එකක්වත් හදලා නෑ. මොනව ද මේ කතා කරන්නේ.
වෙන වෙනම රාජ්‍ය ඇතිකරන්න බෑනෙ. මම දෙමළ නායකයොත් සමග කතා කරලා තිබෙනවා. තේ බිලා තිබෙනවා. කෑම කාලා තිබෙනවා. ගෙනල්ලා සාකච්ඡා කරනවා. හැන්දෑවට ගිහිල්ලා වෙන එකක් කියනවා. මොකද ඒ අය හිතුවා රනිල් වික්‍රමසිංහ බලයට ගෙනාවොත් එයාලා ඉල්ලන ඕන දෙයක් දෙයි කියලා.
නිදහස් පක්ෂය සමග ගමනක් තිබෙනවද?
කිසි ගැටලුවක් නෑ.