දිගින් දිගටම පරාජය වෙමින් විනාශයට ඇද වැටෙමින් තිබෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් ජය මාවතට ගෙන ඒමේ ක්‍රියාවලියේ පියවරක් ලෙසින් අසාර්ථක පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉවට් කිරීමට කටයුතු සුදානමින් පවතින බව වාර්තා වෙනවා.
ඒ කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ප්‍රමාද වී තිබෙනුයේ සිය තනතුරෙන් ඉවත් වීමට චන්දික හතුරුසිංහ අකමැත්ත පල කිරීමත් සමගයි. චන්දික හතුරුසිංහ කණ්ඩායමට අවශ්‍ය යැයි යොවුන් මුල්පෙල පිතිකරුවෙකුද දැඩි ලෙස පෙනී සිටින බවද වාර්තා වෙනවා.
ඒ සමගම චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට නීතිඥ සහය ලබා ගැනීමටද බලධාරීන් සුදානම් වන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
ඒ අතර විදේශීය පුහුණුකරුවෙක් ගෙන්වීමට ක්‍රීඩා ඇමති සූදානම් වන බව නිල නොවන ආරංචි මගින් වාර්තා වෙනවා.