News Line| Off Air
Generic placeholder image

Feb
6

මධූෂ්ට ඩුබායි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

1328 Views


මධූෂ්ට ඩුබායි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට ඩුබායි රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (06දා) ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධව එම රටේ නීතිය ඉතා දරුණු බවත්, මධූෂ් ඇතුළු පිරිසට එම රටේදී මරණීය දණ්ඩනය හිමිවිය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලන මැදිහත්වීමකින් තොරව මධූෂ් ඇතුළු පිරිසට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව ඉඩ ලබාදී තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post