News Line| Off Air
Generic placeholder image

Feb
6

ලංකාවේ සියලු කුඹුරු සිතියම්ගත කර පරිගණක ගත කිරීමට උපදෙස්

1532 Views


ලංකාවේ සියලු කුඹුරු සිතියම්ගත කර පරිගණක ගත කිරීමට උපදෙස්

ලංකාව පුරා පවතින කුඹුරු කැබලි මිලියන 02 (මහවැලි ඉඩම් හැර) ක ප්‍රමාණය නිසි ආකාරයෙන් අධි සංඛ්‍යාත චන්ද්‍රිකා ඡායාරූප යොදා ගෙන කුඹුරු නාම ලේඛනය පරිඝනක ගතකරණය හා සිතියම්කරණය කරන්නැයි  කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කෘසි කර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වර්ල්ඩ් වීව් ටූ ඇමරිකානු චන්ද්‍රිකාව උපයෝගී කරගෙන ඒ අනුව ගම්පහ, යාපනය හා මාතලේ දිස්ත්‍රික්කයන්හි මේ වනවිට කුඹුරු ඉඩම් සිතියම් ගත කර  පරිඝනක දත්තවලට ඇතුළත් කර   ඇත.
ගම්පහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන සිතියම්කරණය සඳහා රුපියල් මිලියන 05ක් වැය වී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

මෙතෙක් සිතියම් ගත නොවූ කුඩා ඇළ මාර්ග, පොදු කමත්, දිය උල්පත්, කෘෂි මාර්ග ද මෙමඟින් සිතියම් ගත කළ හැකි බවත්, මිනිස් ශ්‍රමය අල්ප වශයෙන් යොදා ගැනීම හා සිතියම්ගත කිරීමට වැයවන මුදල අවම වීම විශේෂත්වයක් බවද අමාත්‍යංශය පවසයි.

ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි දැනට පවතින කුඹුරු නාමලේඛනයන් නිවැරදි සංඛ්‍යාලේඛන දත්තවලින් තොරවීම හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ විවිධ ගැටළුවලට මුහුණ පා ඇති  හෙයින් මෙම තිරණය ගෙන තිබේ.

පසුගිය කාලයේදී  ග්‍රාම නිලධාරි කොට්ඨාසවල කුඹුරුලාභීන්ගේ භූමි ප්‍රමාණය නිර්ණයේදී නිවැරදි භූමි ප්‍රමාණය සටහන් නොවීම නිසා පොහොර සහනාධාරය ලබා දීම, කුඹුරු ඉඩම් සඳහා වගා හානි ලබා දීම මෙන්ම වාර්ෂික අපේක්ෂිත අස්වැන්න පිළිබඳ වාර්තා සැකසීමට ද එල්ල වී තිබු බාධා මෙයින් මගහැරෙනු ඇතැයි කෘෂි කර්ම අමාත්‍යංශය සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post